විද්‍යුත් විච්ඡෙදනය අවුලක්

scrscr
edited February 2015 in Ordinary Level
මට කවුරු හරි පැහිදිලි කරන්නකෝ අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනයයි,සොඩියම් ක්ලොරයිඩ් එකයි වෙන හැටි ගොඩක් ම පැහිදිලි කරන්න පුලුවන්නම් ඔවයි ධන ඍන ඇනෝඩ කැතෝඩ මාරු වෙන හැටි පුලුවන්නම් වැඩියෙන් පැහැදිලි කරන්නකෝ :D

Best Answer

  • edited November -1 Accepted Answer

    අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනයේදී කාබන් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන විට

    බැටරියේ සෘණ අග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය අසලින් H2 පිටවේ.

    එහිදී සිදුවන ප්‍රතික්‍රියාව

    2H(aq)+ + 2e → H2(g)

    ඉලෙක්ට්‍රෝන ලබාගැනීම ඔක්සිහරණයයි. ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය විද්‍යුත් විච්ඡේදනයේදී කතෝඩයයි.

    බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය අසලින් ඔක්සිජන් වායුව මුක්ත වේ.

    4OH-(aq) → O2 + 2H2O(e) + 4e

    ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණයයි. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි.

    බල්බය දැල්වීමෙන් විද්‍යුත් විච්ඡේද්‍ය තුළින් ධාරාවක් ගමන් ගන්නා බව පැහැදිලි වේ.

    NaCl ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය

    කැතෝඩයේදී ඔක්සිහරණය සිදුවේ.

    2H+(aq) + 2e → H2(g)

    ඇනෝඩයේදී ඔක්සිකරණය වේ.

    2Cl-(aq) → Cl2(g) + 2e

Answers

Sign In or Register to comment.