(ජපන් පාඩම - 9) - ‘න’ නාම විශේෂණ - Na keiyoshi - な けいようし

edited November -1 in Other
යම්කිසි නාම විශේෂණයක අවසාන අකුර ‘න’ අකුරක් නම්, එවැනි නාම විශේෂණ ‘න’ නාම විශේෂණ ලෙස හැදින්වේ.

උදා:

1.ලස්සනයි - きれいな - කිරෙයින
2.පොහොසත් -  ゆたかな - යුතකන 
3.ප්‍රසිද්ධ -  ゆうめいな - යූමෙයින
4.දක්ෂ - じょうずな - ජෝසු(zu)න
5.අදක්ෂ -  へたな - හෙතන
6.නිහඬ - しずかな - ශිසු(zu)කන
7.ඝෝෂාකාරී -  にぎやかな - නිගියකන
8.ප්‍රධාන -  おもな - ඔමොන
9.පහසු - べんりな  - බෙන්රින
10.අපහසු - ふべんな - ෆුබෙන්න
11.වැදගත් - たいせつな - තයිසෙත්සුන
12.අත්‍යවශ්‍ය - ひつような - හිත්සුයෝන
13.කැමති - すきな - සුකින
14.අකමැති - きらいな - කිරයින
15.කඩවසම් -  ハンサムな - හන්සමුන


මිළගට, ‘න’ නාම විශේෂණ සමග නාම පද යෙදෙන ආකාරය බලමු.

1.ලස්සන මල
きれいな はな
කිරෙයින හන 

2.දක්ෂ සිසුවා 
じょうずな がくせい
ජෝසු(zu)න ගකුසෙයි/ Jozuna gakusei

3.වැදගත් පොත 
たいせつな ほん
තයිසෙත්සුන හොන්

4.කරුණාවන්ත ගුරුවරයා
しんせつな せんせい
ශින්සෙත්සුන සෙන්සෙයි

5.ඝෝෂාකාරී නගරය 
にぎやかな まち
නිගියකන මචි

6.කඩවසම් තරුණයා
ハンサムな しょうねん
හන්සමුන ශෝනෙන් 

7.ප්‍රසිද්ධ ගායකයා
ゆうめいな かしゅう 
යූමෙයින කෂූ

8.කැමති කෑම 
すきな たべもの
සුකින තබෙමොනො

‘ඉ’ නාම විශේෂණ මෙන් නොව ‘න’ නාම විශේෂණ වල දී අවසාන ‘න’ අකුර භාවිතා වන්නේ විශේෂණයට පිටුපසින් නාම පදයක් යෙදේ නම් පමණි. එනම්, පිටුපසින් නාම පදයක් නො යෙදේ නම් විශේෂණයේ ‘න’ අකුර ද නො යෙදේ. පහත උදාහරණ බලන්න.

උදා:
1.これ が たいせつな ほん です。
මෙය වැදගත් පොතකි.

2.これ は たいせつ です。
කොරෙ ව තයිසෙත්සු දෙස්.

මීළගට, ‘න’ නාම විශේෂණ යොදාගෙන සංකීර්ණ වාක්‍ය ගොඩනගන ආකාරය බලමු.

1.ඔහු ප්‍රසිද්ධ ගායකයෙකි.
かれ は ゆうめいな かしゅう です。
Kare wa yumeina kashu desu.

2.ඔහු කඩවසම් ය.
かれ は ハンサム です。
Kare wa hansamu desu.

3.පාන් වලට කැමතිද?
パン が すき ですか?
Pan ga suki desuka?

4.කොළඹ ඝෝෂාකාරී නගරයක්.
コロンボ は にぎやかな まち です。
Koronbo wa nigiyakana machi desu.

5.මේ පන්තියේ ළමයි දක්ෂයි.
この クラスの がくせい は じょうず です。
Kono kurasuno gakusei wa jōzu desu.

6.මගේ කැමති කෑම ඇපල්.
わたしの すきな たべもの は りんご です。
Watashino sukina tabemono wa ringo desu.

7.එය අපහසු දෙයකි.
それ は ふべんな もの です。
Sore wa fubenna mono desu.

8.ගුරුතුමා කරුණාවන්ත පුද්ගලයෙක්ද?
せんせい は しんせつな ひと ですか?
Sensei wa shinsetsuna hito desuka?

9.ලස්සන ඇදුම් වල මිල අධිකයි.
きれいな ふくの ねだん が たかい です。
Kireina fuku no nedan ga takai desu.

10.ඔබගේ ප්‍රධාන විෂයය ජපන් භාෂාවද?
あなたの おもな かもく は にほんご ですか?
Anata no omona kamoku wa nihongo desuka?

Comments

Sign In or Register to comment.