ප්‍රස්ථාර සම්බන්ධ ගාණක් අනේ ...........................

edited October 2019 in Ordinary Level

අනේ මට ප්‍රස්ථාර වල මුල්ම ටික මතක නේ. ඒ හින්ද 10 වසරේ ප්‍රස්ථාර පාඩම මට හිතට අවුල් වගේ දැනෙනවා . පුලුවන්නම් ප්‍රස්තරවල මුල් ටිකේ ඉඳල 10 වසරේ ටිකට එනකන් කියල දෙන්නකෝ ..................

Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    තියෙන ප්‍රශ්න ටික අහුවොත් නම් ලේසියි උත්තර දෙන්න. :)
    මේ පාරද O/L කරන්නේ?
  • edited November -1 Accepted Answer
    ඔයාට ඕනෙ මුල ඉදලාමද? මුල ඉදලා කියන්නම්.තේරෙන්නෙ නැති තැන් තියනව නම් අහන්න. හරිද? :)>-
  • edited October 2014 Accepted Answer
    ප්‍රස්ථාරවල වර්ග 2ක් තියනවා. 
    • සරල රේඛීය ප්‍රස්ථාර
    • වක්‍ර ප්‍රස්ථාර
    මුලින්ම සරල රේඛීය ප්‍රස්ථාර බලමු. ඔයා දන්න විදිහට ප්‍රස්ථාර අඳින කොට අක්ෂ 2ක් තියනවා නේ? 
    සිරස් අක්ෂය - y
    තිරස් අක්ෂය - x
    ප්‍රස්ථාර අඳිනකොට දැන ගන්න ඕනි වචන 2ක් තියනවා.
    1. අනුක්‍රමණය (m) - ප්‍රස්ථාරය X අක්ෂය සමඟ (දක්ෂිණාවර්ත දිශාවට) හදන කෝණය වැඩි නම් අනුක්‍රමනය වැඩියි. කෝණය අඩුයි නම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩුයි කියලා මතක තියා ගන්නකෝ....(රූපයක් ඇඳගෙන බැලුවොත් හොඳට තේරෙයි) *m=y/x  මේ සමීකරනය නම් මතක තියෙන්න ඕනෙ... 
    2. අන්ත:ඛන්ඩය (C) - ප්‍රස්ථාරය y අක්ෂය කපන ලක්ෂය තමයි අන්ත:ඛන්ඩය කියන්නෙ.
    *ප්‍රස්ථාරය x අක්ෂය සමඟ (දක්ෂිණාවර්තව) හදන කෝණය සුළු කෝණයක් නම් අනුක්‍රමණය + ද මහා කෝණයක් නම් අනුක්‍රමනය - ද වේ.
    ඊ ලඟට ප්‍රස්ථාරයේ සමීකරණය දැනගන්න ඕනි.
    මූලිකවම සරල රේඛීය ප්‍රස්ථාර y =mx+c ආකාරයේ ඒවා.( මේ සමීකරණය හැදෙන නම් පොත්වල ඇති)
    1. y = mx (අනුක්‍රමණය + වන මූල ලක්ෂය (0)හරහා යන සරල රේඛාවක්)
    2. y = -mx (අනුක්‍රමණය - වන මූල ලක්ෂය (0)හරහා යන සරල රේඛාවක්)
    3. y = mx + c (අනුක්‍රමණය + වන + අන්ත:ඛණ්ඩයක් ඇති සරල රේඛාවක්)-> මේ ප්‍රස්ථාරය + සීමාවෙදී y අක්ෂය හරහා ගමන් කරනවා)
    4. y = -mx + c (අනුක්‍රමණය -  වන + අන්ත:ඛණ්ඩයක් ඇති සරල රේඛාවක්)
    5. y = mx - c (අනුක්‍රමණය + වන - අන්ත:ඛණ්ඩයක් ඇති සරල රේඛාවක්)-> මේ ප්‍රස්ථාරය - සීමාවෙදී y අක්ෂය හරහා ගමන් කරනවා)
    6. y = -mx - c (අනුක්‍රමණය හා අන්ත:ඛණ්ඩය - වන සරල රේඛාවක්)
    දැන් ඔය ප්‍රස්තාර ටික සමීකරනය දිහා බලලා අඳින්න.
     ඒ වගේම සරල රේඛීය ප්‍රස්ථාරයක් දිහා බලලා ඒකෙ සමීකරනය කියන්නත් පුළුවන් වෙන්න ඕනේ....
    Try 1 dala blanna;) puluwnda kyala....
    therennati tan tiye nm ahanda....
    :-B වක්‍ර ප්‍රස්තාර ගැනත් ඕනිද?
  • edited November -1 Accepted Answer
    ප්‍රස්ථාරයක් අඳින කොට ,
    • පැහැදිලිව අක්ෂ නම් කරන්න.
    • ප්‍රස්තාරය පැහැදිලිව ඇදලා නම් කරන්න.(ප්‍රස්තාරයේ සමීකරනය ලියන්න)
    • ප්‍රස්ථාරය අඳින කොළය පුරා ව්‍යාප්ත වෙන විදිහට පරිමාණය/ප්‍රස්ථාරයේ පරාසය තෝරා ගන්න.
    • අනුක්‍රමණය හොයන කොට පැහැදිලි ලක්ෂ තෝර ගන්න. 
    • ඉස්කෝලෙ පාඩම කියලා දෙන කොට හොදට අහගෙන ඉන්න.......... ;)

Answers

  • edited November -1
    @Garfield අනේ ගොඩක් සතූතියි. ගොඩක් පින්. වක්‍ර ප්‍රස්ථාර ඕනේ නෑ දැන්. මට මේ මුල ටික අමාරු උන නිසා තමයි ඔක්කොම අවුල් වුනේ. දැන් හරි.... දැන් ප්‍රස්ථාර ගේමක් නෑ........... කියල දුන්නට ගොඩක් Thanks....................
  • edited November -1
    @Podda මම මේ පාර නෙමේ O/L කරන්නේ............... 2015 මම O/L  කරන්නේ.............
  • edited November -1
    ela ela..... ;)
Sign In or Register to comment.