(ජපන් පාඩම - 10) - නාම විශේෂණ කාල භේදයට වර නැගීම

edited November 2014 in Other

‘ඉ’ නාම විශේෂණ හා ‘න’ නාම විශේෂණ කාල භේදයේ වර නගන ආකාරය එකිනෙකට වෙනස් වේ.

い けいようし කාල භේදයේ වර නැගීම

  • වර්තමානකාල ඇතාර්ථය

~い + です

උදා:

1. たかい です。(තකයි දෙස්)

උසයි.

 

2. ながい です。(නගයි දෙස්)

දිගයි.

 

  • වර්තමානකාල නැතාර්ථය

~ + くない

උදා:

1. たかくない です。(තකකුනයි දෙස්)

උස නෑ.

 

2. ながくない です。(නගකුනයි දෙස්)

දිග නෑ.

 

  • අතීතකාල ඇතාර්ථය

~ + かった

උදා:

1. たかかった です。(තකකත්ත දෙස්)

උස විය.

 

2. ながかった です。(නගකත්ත දෙස්)

දිග විය.

 

  • අතිතකාල නැතාර්ථය

~ + くなかった

උදා:

1. たかくなかった です。(තකකුනකත්ත දෙස්)

උස නොවීය.

 

2. ながくなかった です。(නගකුනකත්ත දෙස්)

දිග නොවීය.

 

‘හොදයි ’ යන අර්ථය දෙන いいですයන い නාම විශේෂණය යොදා ගත හැක්කේ වර්තමානකාල ඇතාර්තයේ පමණි. වර්තමාන නැත / අතීත ඇත / අතීත නැත යනාදී වෙනත් වර නැගීම් සදහා භාවිතා වන්නේ よい පදයයි.

 

වර්තමානකාල  ඇතාර්ථය - いい です (ඊ දෙස්)

වර්තමානකාල නැතාර්ථය - よくない です (යොකුනයි දෙස්)

අතීතකාල ඇතාර්ථය - よかった です (යොකත්ත දෙස්)

අතිතකාල නැතාර්ථය - よくなかった です (යොකුනකත්ත දෙස්)

 

な けいようし කාල භේදයේ වර නැගීම 

  • වර්තමානකාල ඇතාර්ථය

~ + です

උදා:

1. きれいです。  (කිරෙයි දෙස්)

ලස්සනයි

 

2. ハンサムです。  (හන්සමු දෙස්)

කඩවසම්

  • වර්තමානකාල නැතාර්ථය

~ + ではありません

උදා:

1. きれいではありません。  (කිරෙයි දෙවඅරිමසේන්)

ලස්සන නෑ.

 

2. ハンサムではありません 。 (හන්සමු දෙවඅරිමසේන්)

කඩවසම් නෑ.

 

  • අතීතකාල ඇතාර්ථය

~ + でした

උදා:

1. にぎやかでした。  (නිගියක දෙශ්ත)

ඝෝෂාකාරී විය.

 

2. ゆたかでした。  (යුතක දෙශ්ත)

පොහොසත් විය.

  • අතිතකාල නැතාර්ථය

~ + ではありませんでした

උදා:

1. にぎやかではありませんでした。 (නිගියකදෙවඅරිමසේන්දෙශ්ත)

ඝෝෂාකාරී නොවීය.

 

2. ゆたかではありませんでした。 (යුතකදෙවඅරිමසේන්දෙශ්ත)

පොහොසත් නොවීය.

Comments

Sign In or Register to comment.