ත්‍රිකෝණමිතික සමීකරණ වල සාධාරණ විසඳුම්

edited October 2019 in Advanced Level

මට හෙන අවුල මෙන්න මේ සමීකරණේ... මොකක්ද මේකෙන් වෙන්නේ..?? මොන වගේ තැන් වලදීද භාවිතා වෙන්නේ... කාට හරි පුළුවන් නම් පොඩි උදාහරණ ගානකුත් එක්ක කියලා දෙන්නකෝ. ලොකු උදව්වක්. :((

x = nπ+(-1)nα

Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer

    මෙහෙමයි මැස්සෝ ඔය තියෙන්නේ sin වල සාදාරණ විසදුම් හොයන සූත්‍රය.. ඔය වගේ cos සහ tan වලටත් තියනවා.. x=2nπ(+හෝ-)α මේ cos වල එක tan වල x=nπ+α.. උදාහරනෙකට cosx+(cosx)^2=0 නම් cosx එකක් එලියට අරන් cosx(1+cosx)=0 කියල ලියන්න පුළුවන් නේ? ඒකෙන් cosx කපන්නතුව cosx=0 කියල අරන් cosx=cos(π/2) කියල ලියන්න පුළුවන් නේ? 0 කියන්නේ cos(π/2) නේ? ඒක නිසා මේකේ cosx වල x=2nπ+π/2 දැන් අර ඉතුරු 1+cosx තියනවනේ ඒකත් 0 ට සමානයි නේ? so cosx=-1, -1 කියන්නේ cos(π) නේ? so ආයේ cos x වල සාදාරණ විසදුම x=2nπ+π so උත්තර 2ක් තියනවා.. ඔය වගේ ඒකේක සමීකරණ දීල සාදාරණ විසදුම් හොයන්න කියනවා.. කෙටියෙන් කියනවනම් ඕක තමා.. හලිද? 

    :)>-

  • edited November 2014 Accepted Answer
    n වලින් කියන්නේ 1,2,3 ආදී සංඛ්‍යා. යම් කිසි පරාසයක සාධාරණ විසඳුම් හොයද්දි n වලට 1,2,3 දාලා අපිට ඕනේ උත්තර ටික විතරක් ගන්නවා.
  • edited November -1 Accepted Answer

    ත්‍රිකෝණ මිතියෙ යොදා ගන්න සම්මත සුත්‍ර ඔක්කොම රේඩියන් වලින් තියෙන්නේ. මේ π කියන්නෙත් රේඩියන් π. 

Answers

  • edited November -1

    @T_Lakshan හරි හරි තේරුණා මොකක්ද කරන්න ඕනේ කියලා... ගොඩා........ක් තෑන්ක්ස් මචා 8->

    තව ප්‍රශ්නයක් තියෙයි, මේකට අදාලවම නෙමෙයි.

    ඇයි ගොඩක් තැන් වලදී මේ π වලින් ලියන්නේ කෙලින්ම අංශක වලින් ලියන්න පුළුවන්කම තියෙද්දී....

  • edited November -1
    ආ..... තව එකක්,
    මේවගේ මේ n වලින් කියන්නේ මොකක්ද?
  • edited November -1

    @Nipuna_Ayeshan එතරම්ම වැටහුනේ නෑ... ගණන් හදද්දී තේරෙයි.... අවුලක් නෑ ඒක හින්දා. ගොඩක් ස්තූතියි. මගේ අනිත් ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්නකෝ පුළුවන් නම්....

    ඇයි ගොඩක් තැන් වලදී මේ π වලින් ලියන්නේ කෙලින්ම අංශක වලින් ලියන්න පුළුවන්කම තියෙද්දී....

  • edited November 2014
    @rajitheranda හරි හරි. ගොඩක් ස්තූතියි. මේක කියලා දුන්නට. ^:)^

    උදව් කරපු හැමෝටම නැවතත් මාගේ හද පිරි ස්තූතිය. \m/
Sign In or Register to comment.