මිනුම් උපකරණ - උදව්වක්!

edited October 2019 in Advanced Level

මට මිනුම් උපකරණවල පාඩම හරියට වැදුනේ නැහැ. හරියට නැහැ වගේ දැනෙනවා. කාටහරි පුලුවන්ද Exam එකට ගැලපෙන විදියට මට මිනුම් උපකරණ පාඩම පැහැදිලි කරලා කියලා දෙන්න. ලොකු උදව්වක්. :(

Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer

    මෙන්න මේ ටිකවත් බලාගන්නකෝ එහෙනම්.... මටත් එච්චර තේරුමක් නෑ. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. අනිත් කට්ටිය උදව් කරයි අනිවාර්යයෙන්ම. :)>-

    ව'නියර් කැලිපරය

    මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය

    ගෝලමානය

    චල අන්වීක්ෂය

  • edited November 2014 Accepted Answer

    කැලිපරයෙන් මිනුම් ගනිද්දී-

    මුලින්ම උපකරණයේ කුඩා මිනුම හොයා ගන්න.- ප්‍රායෝගික අවස්ථා වල කැලිපරයේ සඳහන් කරලත් තියනවා.

    උපකරණයට මූලාංක දෝශ තිබේ දැයි පරීක්ෂා කර බලන්න. (+ මූලාංක දෝෂයක්ද - මූලාංක දෝෂයක් ද යන්න නිශ්චය කර ගන්න.)

    බාහිර හනු භවිතා කරනවා නම් වස්තුව බාහිර හනු අතරට දමා ප්‍රධාන පරිමාණයේ පාඨාංකය ලබා ගෙන (මෙහිදි ව‘නියර් ශුන්‍ය සමපාත වන ස්ථානයේ පාඨාංකය මැන ගනී) අනතුරුව ව‘නියර් පාඨාංකය ද ලබා ගන්න (ප්‍රධාන පරිමාණය හා සමපාත වන ව‘නියර් පාඨාංකය ලබා ගන්න.)

    mm වලින් මනිනවා නම් කුඩා මිනුම mm තිබිය යුතු අතර වලින් cm මනිනවා නම් කු.මි. cm වලට පරිවර්තනය කර ගත යුතුය.

    පාඨාංකය = ප්‍රධාන පරිමාණයේ පාඨාංකය +(ව‘නියර් කොටස් ගණන X කුඩා මිනුම)

    ලැබෙන පාඨාංකයයෙන් මූලාංක දෝෂය (+ හෝ - සලකුණු සමඟ) අඩු කර නිවැරදි පාඨාංකය ලබා ගන්න.

    වෘත්තාකාර යමක විශ්කම්භය වැනි දෙයක් මනින විටදී එකිනෙකට ලම්භ පාඨාංක 2ක් ලබා ගෙන එහි මධ්‍යන්‍ය පාඨාංකය ලබා ගන්න.

    අභ්‍යන්තර හනු වලින් මනින්නේ ද මේ ආකාරයටම වේ.

    ගැඹුර මනින කූරෙන් මිනුම් ගන්නා විට මූලාංක දෝශ වල බලපෑමක් නැත. 

    :)>- චල අන්වීක්ෂෙ තියෙන්නෙත් ව‘නියර් මූලධර්මයම තමා....සිරස් හා තිරස් පරිමාණ 2ක් නෙ තියෙන්නේ. practicl1 තියන නෝට් 1ක විස්තර සහිතව තියනවා. පරිමාණ කුඩා නිසා මනින්න අත් කාචයක් උවමනා වෙනවා.

    මේ ටික ඇතිද?  :-?

Answers

  • edited November -1

    @Messa ;බොහොම ස්තුතියි!

  • edited November -1

    @Messa ;බොහොම ස්තුතියි!

  • edited November -1

    මිනුම් උපකරණ වල ඕනැ වෙන්නේ -practicl ටිකයි,උපකරණේ කොටස් ටිකයි,කුඩා මිනුම් හොයන හැටියි,මූලාංක දෝෂ හොයලා නිවැරදි කරන හැටි තමා.... ;)

    උඩ linkඑකේ හොඳ note1ක් තියනවා.:-bd @Hirusha තව pst pprz ටිකක් කලාම වැඩේ ගොඩ දාගන්න පුළුවන්!L-)

  • edited November -1
    @Hirusha :-bd
  • edited November -1

    @Garfield Thanks :)

  • edited November -1
    ඔයා 2016 ද? :-/
  • edited November -1

    ae ehema ahuwe? 

    :-/

  • edited November -1
    නෑ නිකන් නිකමට වගේ ඇහුවේ... :)
  • edited November -1

    මන් 2016 තමා.. :D මට කලිපරයෙන් මිනුම් ගන්න හැටි කියලා දෙනවද?(CM වලින් තියෙද්දී එහෙම) මුලාංක දෝෂයත් එක්ක. තව චල අන්වීක්ෂයෙන් මිනුම් ගන්න හැටිත් පොඩ්ඩක් කියල දෙන්නකෝ.

  • edited November -1

    පටිට...

    L-)

    =D>

  • edited November -1

    @Messa Aiye oya pothak neda? practrical thiyena.. ehemanam mata eke namai authorwai kiyanawada?

  • edited November -1
    @Hirusha නෑ මලයා... මේ අපේ පංතියෙ දීපු tutes දෙක තුනක තැන් තැන් වල තිබුණු ඒවා ටිකක්.
Sign In or Register to comment.