padam karanne kohomada

edited November -1 in Advanced Level
a/l bio, maths karana aya exam eka wenuwen padam karanna ona kohomada

Best Answers

  • edited November -1 Accepted Answer
    @Garfield වටිනවා ඈ.. මාත් දැන්වත් කරලා බලන්න ඕනේ ඔය විදිහට 8-> කම්මැලිකම තමා ලොකුම ප්‍රශ්නේ... ~X(
  • edited November -1 Accepted Answer
    @meshna නියමයි. :-bd ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. ^:)^

Answers

  • edited August 2014
    මාර ප්‍රශ්නයක් නේ..................
    ඔයා 1st shy කරන කෙනෙක් නම්,2nd, 3rd shy කරන අයට වඩා ඔයාට වෙලාව තියෙන්නේ ගොඩක් අඩුවෙන්.ඉස්කෝලෙ ගිහින් clz ut ගිහාම වෙලාවක් ඉතුරු වෙන්නේ නැති තරම්.ඒ නිසා මුල් කාලෙදිම වැඩ කරනව නම් පස්සෙ වැඩ ගොඩ ගැහෙන්නෙ නෑ. 
    time tabl 1 කට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම්,සතියකට කරන්න ඕන වැඩ (ඔයාට පුළුවන් ප්‍රමාණයට) ලියාගෙන කරන වැඩ tick කරගන්න.
    ඔක්කොටම කලින් a/l ගොඩ දාගන්න වැඩ කරනවා කියලා හිත හදා ගෙන ඉන්න...
    bio - පාඩම් කරන්න තියන පුමානය ගොඩක් වැඩි නිසා කට පාඩම් කරන්න ගියොත් වැඩ අනා ගන්න තමයි වෙන්නෙ! clz එකේ හරි schl එකේ හරි දැන් කරන පාඩම් වලට shrt notz ඒ කාලෙදිම හදන්න.shrt notz කියන්නේ notz පොඩි අකුරු වලින් ලියන එකට නෙමේ..... උදාහරනයක් : ඔයා ආහාර ජීරණ පද්ධතිය පාඩම් කරනවා නම් ඒකේ පැහැදිලි රූප සටහනක් (පාට කරන්න-එතකොට මතක හිටින ප්‍රමාණය වැඩියි) ඇදලා ඊතල ගහලා ,නම් කරන්නැතුව හිස් තියන්න.ඔයා පාඩම් කරන වෙලාවට එ් රූපෙ දිහා බලා ගෙන ඒ කොටස් ඒාගේ කෘත්‍ය, තියන එන්සයිම..... ඔක්කොම මතක් කරන්න. 
    math -Theoryය තේරුම් අරන් ගොඩාාාාක් ගනන් හදන්න.හැබැයි 1 වගේ ගණන් 100 ක් හදලා වැඩක් නෑ.යාළුවන්ගේ clz වල දෙන ගණනුත් හොයා ගෙන හදන්න.free periodz වල aftr schl එහෙම set වෙලා වැඩ කරනව නම් හොඳයි. 
    chem - පාඩම් කරන්න දේවල් තියනවා ගොඩක් අන්තිම පාඩම් වල.(කර්මාන්ත,පරිසරය,inorganic.........)shrt notz හදා ගන්න 1 ඇඟට ගුණයි!
    fi6 - ගනන් හදන්න අතයවශ්‍ය සමීකරණ ටිකයි පොඩිTheory කෑලි ටිකයි දාලා shrt not 1ක් හදන්න.පුළුවන් තරම් pprs කරනවා නම් හොඳයි.
     subjct 3 ටම කරලා තියන පාඩම් වල past ppr ප්‍රශ්න කරන්න.

    :) :-B
  • edited November -1
    ow ane eka nam aththa, kammalikama thamai padam karanna denne naththe. thank u @Garfield
  • edited November -1
    එදිනෙදා වැඩ එදිනෙදාම  කරගතතොත් වැඩේ ලේසි වෙනවා .පස්සට කල් යවන් නැතුව වැඩ කරන්ඩ .. :-B  :-?
  • edited November -1
    කම්මැලි හිතෙන වෙලාවට මතක් කර ගන්න......දැකලා තියනවාද ළමයි revision clz වල අවුරුදු 2,3 කටු කන හැටි!අම්මලා තාත්තලා ඔයාට වියදම් කරන්නේ clz ගිහින් නිදා ගන්නවත්,ආතල් ගන්නවත් නෙමෙයිනේ.....
     යාළුවො set කරගෙන වල බහින්නැතුව වැඩ කරන set 1ක් හදාගන්න.එතකොට කම්මැලි නැතුව වැඩ කරන්න පුළුවන්. ;)
    එකට වැඩ කරපු set 1 ම campus යනකොට කොහොමද තියන ආතල් 1!!!! :)>-
    ඒ වගේ ම එකට බත් 1කාපු ඔයාගේ යාළුවා campus යද්දි ඔයාට revision clz යන්න වුණොත් (හැබැයි ඒක තමයි තිත්ත ඇත්ත! [-(
    මේ අවුරුදු 2 පොඩ්ඩක් දුක් විඳලා A/L ගොඩ දාගන්න.ඊට පස්සෙ ඉතින් ...... ඔයාට ඕන විදිහට ඉන්න පුළුවන්නේෙ\:D/ :):D
    (වැඩ කරන්න ඉතින් බොක්කටම වැදෙන්න එපැයි!.............කිව්වා වැඩිද මන්දා :-? )
  • edited November -1
    ඇඬෙනවා... :((
  • edited November -1
    andenna thama kiyanna ona nathnam hithata wadinne naha
  • edited November -1
    නිවැරදිව කෙටි සටහන් සාදා ගන්නා ක්‍රමවේදය
    ඔබ ක්‍රමවත් කෙටි සටහනක් සාදා ගැනීමට නම් ඔබ සතුව ක්‍රමවත් ප්‍රධාන සටහනක් තියෙන්න ඕන. ක්‍රමවත් ප්‍රධාන සටහනක් යනු අදාළ විෂය ආශ්‍රිතව ඔබ පාස‍ලේදී හෝ උපකාරක පන්තියේදී ලියාගත් සටහනයි. මන්ද ඔබගේ කෙටි සටහනට පාදම වෙන්නේ මෙකී ප්‍රධාන සටහනයි. එනිසා ඔබගේ ප්‍රධාන සටහන සියලු විෂය කරුණු සහිතව ක්‍රමවත්ව තිබිය යුතු අතර එහි ඇති මගහැරුණු විෂය කරුණු යහළුවකුගෙන් හෝ බලා සම්පූර්ණ කරගත යුතුයි.
    මේ කරුණ මවිසින් මුලින්ම සඳහන් කරන්න යෙදුණේ එහි මනෝවිද්‍යාත්මක පසුබිමක්ද තිබෙන හෙයිනි. මන්ද අපගේ මනස මොනම අවස්ථාවකවත් අපිළිවෙළ සහිත දෙයක් පිළිගන්න
    සූදානම් නෑ. එනිසා ඔබගේ ප්‍රධාන සටහනත් මා මුලින් කියූ පරිදි පිළිවෙළට ක්‍රමවත්ව පැහැදිලි අත් අකුරින් තිබිම වැදගත්. එසේ වීමේදී එය ඔබට කෙටි සටහන් සාදාගැනීමට පහසු වෙනවා. එසේ නොමැතිව ඔබගේ ප්‍රධාන සටහන කරුණු මගහැරී අපහැදිලිභාවයකින් සහ අක්‍රමවත් බවින් යුක්ත නම් ඉන් ඔබට සාර්ථක කෙටි සටහනක් සාදාගන්න බෑ. දැන් අපි බලමු කෙටි සටහන සාදාගැනීමේ ක්‍රමවේදය, මෙහිදී ඔබ විසින් පියවර හතරක් අනුගමනය කළ යුතුයි. ඉන් පළමු
    පියවර තුන වෙන්නේ ප්‍රධාන සටහන කියවීමයි. එයත් ක්‍රම විධි තුනක් ඔස්සේ කළ යුතුයි.

    පළමු කියවීම
    ඔබගේ ප්‍රධාන සටහන ඉතා සැහැල්ලු මනසකින් යුක්තව පළමුවර කියවාගෙන යා යුතුයි. උදාහරණයක් ලෙස අප එදිනෙදා පුවත්පතක් කියවන ආකාරයට නිදහස් මනසින් කියවිය යුතුයි.

    දෙවන වර කියවීම
    දෙවනවර කියවීමේදී පෙරට වඩා ඕනකමින් සහ අවධානයෙන් කියවිය යුතු අතර වැදගත් කරුණු විවිධ පාටවලින් යුත් පෑනකින් ඉස්මතු කර දැක්වෙන පරිදි ඉරි ඇඳ ගැනීමට පුළුවන. එහිදී නිර්වචන, වැදගත් කරුණු, ඉතාම වැදගත් කරුණු යනාදී වශයෙන් වෙන්කරගෙන පෑනෙන් සලකුණු යෙදීම කළහැක.
    නමුත් සටහන පිරෙන්න වර්ණ යෙදීම නොකළ යුතුයි.

    තෙවනවර කියවීම
    පෙරදී අවධානයට ලක්නොවූ කරුණු ඇත්නම් එකී කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් වඩාත් හොඳින් කියවිය යුතු අතර මගහැරුණු කරුණු සටහන් කරගැනීම තෙවනවර කියවීමේදී කළ හැක.

    සටහන සාදා ගැනීම
    සිව්වැනි පියවරේදී ඔබ විසින් වර්ණ යොදා සටහන් කෙටි සටහනට ගැනීම කළ යුතු වේ.

    කෙටි සටහනේ සැකැස්ම
    බොහෝ අධ්‍යාපනඥයින්ගේ මතය වනුයේ කෙටි සටහනක් කුඩා තීරුවක ඉතා කුඩා ආකාරයෙන් ලිවීම ඵලදායී බවයි. ඒ අනුව කෙටි සටහනක් සඳහා ඒ4 කොළයක් දෙකට නවා සාදාගත් ප්‍රමාණය වඩාත් සුදුසු වේ. ඉන්පසු එකී ඉඩ ප්‍රමාණය තුළ ද අඟල් 1/2ය බැගින් සතර පැත්තෙන්ම ඉඩ තබා කෙටි සටහන ලියා ගත යුතුවේ. මෙසේ සතර පැත්තෙන්ම ඉඩ තබාගනුයේ මනසට එය කියවීමේ පහසුව සඳහා වේ. ඉන්පසු ප්‍රධාන මාතෘකා නිර්වචන වැදගත් කරුණු පිළිවෙළින්
    පහළට ලියාගෙන යා යුතු වේ. එහිදී කරුණු දෙකක් අතරද පරතරයක් සහිතව ලිවිය යුතු අතර නිර්වචන වඩාත් වැදගත් කරුණු යනාදිය සඳහා විවිධ වර්ණ භාවිතා කළ හැක. එමෙන්ම ඔබගේ ප්‍රධාන සටහනෙන් උපුටාගත් කරුණුවලට අතිරේකව වෙනත් පත‍පොතින් උපුටාගත් කරුණුද කෙටි සටහනට ඇතුළත් කරන්න ඔබට පුළුවන්.

    කෙටි සටහන් සාදාගැනීමේප්‍රයෝජන
    කෙටි සටහනක් සාදාගැනීමේ ප්‍රයෝජන රාශියක් තියෙනවා. පළමුවැන්න තමයි පාඩම් කිරීමේ පහසුව. විශාල ප්‍රමාණයේ සටහනක් කියවනවාට වඩා කෙටි සටහනක් බලාගැනීම පහසුයි. ඒවගේම විශාල සටහනක් කියවීමට පැය භාගයක් ගතවනවා නම් කෙටි සටහනත් විනාඩි තුන හතරකින් කියවා නිම කරන්න පුළුවන්.
    මතක තබාගැනීමේදී කෙටි සටහන් ඉතා ඉක්මණින් මතකයට නගා ගන්න පුළුවන්. ඒ වගේ වැඩි විෂය කරුණු ප්‍රමාණයක් ඉක්මනින් ආවරණය කරගැනීමේ හැකියාව කෙටි සටහන නිසා ලැබෙනවා.
    අනෙක් අතට විභාගය ආසන්නයේදී මනසට දැනෙන පීඩනය අඩුකරගැනීමේ එක් මාර්ගයක් ලෙසත් කෙටි සටහන් හඳුන්වන්න පුළුවන්. විශාල සටහන් මනසට පීඩනය වැඩි කරන අතර කෙටි සටහන් තුළින් මානසික සැහැල්ලු භාවය ඇතිකරනවා. තවද විභාග භීතිකාව අඩුකර ගැනීමටත් කෙටි සටහන් අපට උදව් වෙනවා.
    මේ සියලු කාරණා වගේම කෙටි සටහන අපට ඕනෑම තැනක රැගෙන ගොස් පාඩම් කිරීමේ හැකියාව නිසා බසයේදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී පාඩම් කරන්න පුළුවන්.
    අවසාන වශයෙන් මෙවර උසස් පෙළට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියන්න තියෙන්නේ අවසන් මාස දෙක ඇතුළතවත් කෙටි සටහන් භාවිත කරමින් පාඩම් කරන්න. පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම මෙන්ම අඩු තරමේ පැය පහක නින්දක් ලැබිම ඔබ පාඩම් කරන දේ මතකයේ වඩාත් හොඳින් රැඳෙන්න උදව්වන බවත් මතක තියාගන්න.
  • edited November -1
    8->
    =D>
  • edited November -1

    ඉගෙන ගන්න කාලේ තීන ලොකුම ප්‍රශ්නයක්නේ ඔය.පාඩම් කරනෝ කරනෝ ඒත් මතක හිටින්නේ නෑ.එක හේතුවක් සිහි කල්පනාවෙන් කියවන්නෙ නැති එක.ඒ උනාට අවුලක් නෑ ඕක බොහොම ලේසියෙන් ගොඩ එන්න පුළුවන් ප්‍රශ්නයක්.අනික කවුරුවත් හිතන්නෙපා පාඩම් කරපුවා මතක හිටින්නැත්තේ ලෙඩක් නිසා කියලා, ඒක එහෙම තමයි, ඔළුවට දේවල් වැටෙන්න වැටෙන්න අමතක වෙනවා.ඒක එහෙම වෙන්නෝන.එහෙම වෙනවා කියන්නේ ඔයාට හොඳට වැඩ කරන ඔළුවක් තියෙනවා.ඒත් මොලේ කියන්නේ අන්ලිමිටඩ් ස්ටෝරේජ් එකක්.ඒකට දේවල් ඕන තරම් දාන්න පුලුවන්,එකම දේ අපි ඉඳලා හිටලා ආයේ මතක් කරලා ගන්න ඕන.නිකන් හිතලා බලන්න,ගෙදර කම්පියුටරේට මොනාහරි ෆයිල් එකක් දැම්මා කියලා,ඒත් කාලෙකින් ගියේ නැති උනාම සේව් කල තැනවත් මතක නෑනේ.ඒත් හැමදාම බලන අර හංඟලා තීන image ෆයිල්ස් ඇස් දෙක වහන් උනත් ක්ලික් කර කර ගිහින් හොයාගන්න පුළුවන්නේ image.අන්න ඒ වගේ තමා පාඩම් කරපුවත් ඉඳලා හිටලා හරි මතක් කලාම තමා ආයේ ඔළුවට එන්නේ.

     

    හරි, අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරිම සිම්පල්. ඕන වෙන්නේ කහ පාට A4  ටිකකුයි ප්ලැටිග්නම් සෙට් එකකුයි.පාඩම් කරද්දි විභාගෙට අහයි කියලා හිතෙන කරුණු තීනවනේ,ඒවා තමන්ගේ ක්‍රමේට, කැමතිනම් සාරාංශ කරලා, එහෙම නැත්නම් ගෙඩිය පිටින්ම ඔය කහ පාට A4 වල තමන්ට මීටර් 5ක 10ක වගේ දුරක ඉඳන් බලන්න පුළුවන් ගානට ලොකු අකුරෙන් ලියලා තමන් පාඩම් කරන තැන බිත්තියේ අලවගන්න.මමනම් පාඩම් කලේ මගේ කාබරේ,එක බිත්තියක් පිරෙන්න අලවලා තිබ්බා.සති 2ක් තිබ්බනම් ඇති,ඔය නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් ඇහැ යවලා බිත්තිය දිහා බලන්න.එච්චරයි.මතකයේ තදින්ම තියෙන්න ඕන ඒවනම් ඇලෙව්වේ මේසෙ ඉස්සරහම තීන බිත්තියේ.හැම වෙලාවෙම පේනවනේ.Chemistry නිසා විනාස වෙලා ඉන්න උදවියට බොහොම හොඳ උදව්වක් මේක.මම අත්දැකීමෙන් කියන්නේ.Chemistry Inorganic එහෙම ඒ ඒ පාටින්ම ලියලා තිබ්බා,පාට මතක තියාගන්න තීනවනේ එකේ.හොඳට මතක හිටිනවා.Organic වලටත් කරන්න පුළුවන්.ආයේ ප්‍රතිකාරක එහෙම බොහොම හොඳට ඔළුවට වදිනවා.දන්නවා ඇතිනේ පරිවර්තනයක් දුන්නම තීන අමාරුව.බොහොම ලේසියට ප්‍රතිකාරක සෙට් එක ඔළුවට එනවා.ඉස්සෙල්ලා කහපාට කොළ 5ක් විතර ගෙනල්ලා කරලා බලන්න නිකමට,ඊට පස්සේ තේරෙයි එලදායි වැඩක්ද නැද්ද කියලා.දැන් අනිත් ප්‍රශ්නේ බිත්තියෙ තීන්ත ටික විනාසයි විභාගේ ඉවරවෙද්දි කියන එකනේ.ඒකට තියෙන්නේ ගම්වලින් අලවද්දි පොඩ්ඩක් වතුරත් කවලම් කරලා ගාන්න.ඒත් සමහර වෙලාවල් වලදි ගැලවෙනවා.ඒ නිසා හොඳම විදිය මමනම් කියන්නේ සෙලෝටේප් වලින් අලවන්න.පොඩි සෙලෝටේප් එකක් රුපියල් 15ක් වගේ නේ වෙන්නේ.කොළ 100ක් විතර අලවන්න ඇහැකි එක ටේප් එකකින්.අමතක උනා මුලින් කියන්න,කහපාට A4 කොළයක් රුපියල් 3ක් වගේ වෙන්නේ,සමහර වෙලාට ඊට වඩා පොඩ්ඩක් වැඩි ඇති.කොළ 5ක් රුපියල් 15යිනේ.ප්ලැටිග්නම් ඉතින් රුපියල් 100ට අඩු වෙයි.මම හිතන්නෙ නෑ ඕක මහා ලොකු ගානක් කියලා තීන අවශ්‍යතාවය ගැන සලකල බැලුවම.

     

    ඕක බොහොම හොඳ ක්‍රමයක් හැමදාම පාඩම් කරන්න අකැමති අයට.එක පාරක් පාඩම් කරද්දි ලියලා බිත්තියේ ඇලෙව්වනම් ඒ ඇති.ඊට පස්සේ ඔය නිකන් ඉන්න වෙලාවට කියවන එකනේ.නිකන් ඉන්න වෙලාවට කියවන්න ඕනෙත් නෑ,ඔය මොකක් හරි කරද්දි ඔළුව කරකවනකොට දැක්කත් ඇති. 

     

    ඒත් මතක තියාගන්න, කහපාට A4 සහ ප්ලැටිග්නම් පමණයි.

     

    ක්‍රමේ නම් ඕක,ඊට එහා මනෝ විද්‍යාත්ම පසුබිම දැන් කියන්නම්.සරලවම කියනවනම්,කහපාට හොඳට මතකයට දේවල් කිඳා බහින්න උදව් කරන වර්ණයක්.තව දෙයක් කහ පාට තමයි ඇහැ වැඩියෙන්ම මහන්සි කරවන පාට,එතකොට අපි ටිකක් උනන්දුවෙන් බැලෙනවා.කහපාට සම්බන්ධ වෙන්නෙ සතුට,ප්‍රීතිය,කල්පනා කිරීමේ ශක්තිය,බුද්ධිය කියන හැඟීම් එක්ක.ස්නායු උත්තේජනයත් වැඩී කහපාටට.මනෝමය ක්‍රියාකාරකම් උත්තේජනය වැඩී ඊට සමගාමීව.ඉස්මතු කිරීම ඉතා ඉහලින් වෙනවා කහපාටින්,ඒ නිසා මොළේට ඒ පණිවිඩේ බොහොම හොඳට යනවා.නිකන් කල්පනා කරලා බලන්න,ඕන සෙනඟක් මැද්දේ කහපාට ඇඳන් ඉන්න කෙනෙක් කොච්චර ඉක්මනට ඇහැ අල්ලගන්නවද කියලා.ඇහැට අමාරු තමා මතක් කරනකොටත්, ඒත් කැපී පෙනීම වැඩී. අනික කහ පාටට නිදිමත එන්නෙ නෑ.නිදිමත වැඩියෙන් එනවනම් කාබරේ කහ පාටින් පේන්ට් කරගත්තත් කමක් නෑ image.තව ඕනනම් උදාහරණයක් කියනවනම් නිල් පාට කියන්නේ අපිව  සංසුන් කරන,ලිහිල් කරන වර්ණය.මම හිතන්නේ ඔය ඇති කියලා පැහැදිලි කිරීම.ඕක තමයි කහපාට මත්තෙම මැරෙන්න හේතුව.මේක A/Ls,O/Ls ලියන්න ඉන්න අයටනම් වැදගත් වේවී.

     (උපුටා ගත්තකි)

  • edited November -1

    meka godak watinawa yaluwaaa. godak thank

  • edited November -1
    ගොඩක් ස්තූතියි @Harsha වටිනා අදහසක්. :)
  • edited November -1

    :-c

    :D

    :-c

    :D

  • edited November -1

    පිස්සු හැදෙනවනෙ....

    ~X(

  • edited November -1

    :bz

     

    :bz

  • edited November -1

    oyalage magapenwimanisa mamath mage jiwitheta godak watina upades tikak dagaththa tks

  • edited November -1

    niyamai !!!!!!!!!!!!!oyalata gdaaaaakkkkkkkkkkkkkkkkk thnksssssssssss..........

Sign In or Register to comment.