(ජපන් පාඩම) කන්ජි පාඩම - 1 - මොනවද මේ කන්ජි කියන්නේ?

edited December 2014 in Other

ජපානයේ මුලින්ම භාවිතා කරල තියෙන්නෙ චීනයෙන් පැමිණි කන්ජි අක්ෂර. චීන අක්ෂර කියන්නෙත් ඒවටම තමයි. මේ අකුරු හැදිල තියෙන්නෙ රූප පදනම් කර ගෙන නිසා රුපාකෂර කියලත් කියනව. කන්ජි අක්ෂර දහස් ගණනක් තියෙනවා. එකම අක්ෂරයට චීන භාෂාවෙන් එක උච්චාරණයකුත් ජපන් භාෂාවෙන් තවත් උච්චාරණයකුත් තියෙනවා. චීන භාෂාවේ උච්චාරණය ‘onyomi’ ලෙසත් ජපන් උච්චාරණය ‘kunyomi’ ලෙසත් හදුන්වනවා.

යම් කන්ජි අකුරක් තනිව යෙදී ඇති විට එය කියවන්නේ kunyomi වලිනි. kunyomi මගින් කන්ජි අක්ෂරයේ අර්ථය දක්වා සිටි. කන්ජි අකුරු තවත් කන්ජි සමග එකට යෙදී වචනයක් සාදන විට එම වචනය කන්ජි වල onyomi භාවිතයෙන් කියවනු ලැබේ. කෙසේ වෙතත් එක් එක් වචනය කියවන ආකාරය ඒ ඒ වචනය අනුව තීරණය කල යුතුය. එබැවින් කන්ජි අකුරක onyomi, kunyomi මෙන්ම එම අකුර යෙදෙන වචන වෙන් වෙන් වශයෙන් මතක තබා ගැනීම අත්‍යාවශය වේ.

කන්ජි අක්ෂර රූප ආශ්‍රයෙන් විකාශනය වූ ආකාරය පහත දැක්වේ.

Kanji made from pictures

හිරගන සහ කතාකන අකුරු සෑදී තිබෙන්නෙත් කන්ජි අකුරු අශ්‍රයෙන්මයි.

Kanji Rules

එහෙනම් අපේ කන්ජි පාඩම පටන් ගමු. මුලින්ම ස්වභාවධර්මයේ ඇති රූප ආශ්‍රයෙන් ගොඩ නැගුනු කන්ජි අක්ෂර මොනවද කියල බලමු.

Simple Kanji in sinhala

ඉහතින් දැක්වූ කන්ජි වල ලිවීමේ පියවර පහතින් දැක්වේ.

Kanji stroke order

Comments

Sign In or Register to comment.