රසායනික සුත්‍රයක් තුලනය කිරීම කියලා දෙන්නකෝ o/l වලට ඔන ටික

scrscr
edited November -1 in Ordinary Level
මම 2015 o/l කරන්නේ මට 10 වසර පොතේ තියන සංයොජන ප්‍රතික්ක්‍රියා ,වියෝජන ප්‍රතික්ක්‍රියා එකස්තාපන,දිත්ව ප්‍රතිස්තාපනය එවා ගැන සරලව කියලා දෙන්න පුලුවන්ද? :)

Best Answers

  • edited November -1 Accepted Answer

    රසායනික සංයෝජන ප්‍රතික්‍රියා

    A+B→AB

    මූලද්‍රව්‍ය 2ක් සංයෝජනය වී තනි සංයෝගයක් සෑදෙන ප්‍රතික්‍රියා

    උදා: 4Na + O2 → 2Na2O

    රසායනික වියෝජන ප්‍රතික්‍රියා

    යම් සංයෝගයක් ද්‍රව්‍ය 2 කට හෝ කිහිපයකට වෙන් වන ප්‍රතික්‍රියා

    උදා:

    KN03 2KNO2 + O2
    පොටෑසියම්

    නයිට්‍රේට්
    රත් කිරීම පොටෑසියම්

    නයිට්‍රේට්
      ඔක්සිජන්

    හයිඩ්රජන් පෙරොක්සයිඩ් රත් කල විට වියෝජනය වී ජලය හා ඔක්සිජන් සෑදේ.

    2H2O2 → 2H2O + O2

    ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා

    A+BC→AC+B

    එක මූලද්‍රව්‍යයක්  මගින් තවත් සංයෝගයක මූලද්‍රව්‍යයක් විස්ථාපනය කරමින් සිදුවන ප්‍රතික්‍රියා.

    Zn කැබැල්ලක් CuSO4 ද්‍රාවණයකට දැමූ විට CuSO4 වලින් Cu විස්ථාපනය කරමින් ZnSO4 සෑදේ.

    Zn + CuSO4 → Cu + ZnSO4

    දිවිත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා

    AB+CD→AD+CB

    සංයෝග 2ක කාණ්ඩ හුවමාරු වීමෙන් අවක්ශේපයක් හෝ වායුවක් සාදන ප්‍රතික්‍රියාවකි.

    BaCl2 + Na2SO4 BaSO4 + 2NaCl
    බේරියම්

    ක්ලෝරයිඩ්
      සෝඩියම්

    සල්ෆේට්
      බේරියම්

    සල්ෆේට්
      සෝඩියම්

    ක්ලෝරයිඩ්
  • edited November -1 Accepted Answer

    Mg + O2 → MgO

    මෙම සමීකරණය තුළිත කරන්නේ දෙපස සෑම පරමාණුවක්ම සමාන කිරීමෙන්. පළමුවෙන්ම දකුණුපස ඔක්සිජන් පරමාණු 2ක් ඇති නිසා වම් පස MgO ඉදිරියෙන් 2 දැමූ විට ඔක්සිජන් පරමාණු සමාන වේ.

    Mg + O2 → 2MgO

    දැන් වම් පස මැග්නීසියම් පරමාණු 2ක් ඇති නිසා දකුණු පසටද Mg ඉදිරියෙන් 2 දැමූ විට Mg තුලිත වේ.

    2Mg + O2 → 2MgO

  • edited November -1 Accepted Answer

    2Na(s) + 2H2O(l) → 2NaOH(aq) + H2

    Na ජලය සමග ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. හයිඩ්‍රජන් වායුව පිටකරන අතර NaOH හැදෙනවා. මෙය ඉතාමත් තාපදායක ප්‍රතික්‍රියාවක් නිසා පිපිරීමටද ඉඩ ඇත.

Answers

  • scrscr
    edited November -1
    @Chandrika සහෝ මට ඔනේ ඔය රසායනික සුත්‍ර තුලිත වෙන එක සහෝ තුලිත වෙන ආකාරය
  • scrscr
    edited November -1
    @Chandrika සහෝදරයා ගොඩක් ස්තුතියි පිලිතුරු සැපයුවාට
    මට මෙන්න මේ සොඩියම් ජලය සමග කරන ප්‍රතික්‍රියාවත් පොඩ්ඩක් පැහිදිලි කරන්න පුලුවන්ද
Sign In or Register to comment.