ව්‍යවසායකත්වය හා කළමණාකරනය සටහන් තියෙනවද?

edited November -1 in Advanced Level

ඉංජිනේරු තාක්ෂණයට අදාල ටික තමා ඕන

Best Answer

  • edited November -1 Accepted Answer

    ව්‍යවසායකත්වය

    භාණ්ඩයක් නිපදවීම පිළිබඳ ආදාල තීරණය ගැනීමත් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමත් ඒවා මෙහෙය වීමත් ව්‍යවසායකත්වය වේ. ශ්‍රමයෙන් වෙන් කොට දැක්විය හැකි සුවිශේෂි මානව සම්පත් විශේෂයක් ලෙස ව්‍යවසායකත්වය හදුන්වා දිය හැකිය.

    ව්‍යවසායකයා ඉටු කරන කාර්යභාර්යන් වන්නේ,

    • භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි අනිකුත් නිෂ්පාදන සම්පත් මිශ්‍ර කරමින් කිසියම් නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය දරයි.
    • ව්‍යාපාර ප්‍රතිපත්තිය පිළිබඳ මූලික තීරණය ගනී.
    • ව්‍යාපාරයක මූලික ප්‍රතිපත්තිමය තීරණය ගැනීමටද ව්‍යවසායකයාට සිදු වේ.මේවා එදිනෙදා ව්‍යාපාරික තීරණ නොව ව්‍යාපාරයේ මූලික ගමන් මඟ පිළිබඳ ගනු ලබන ප්‍රතිපන්තිමය තීරණයන්ය.

    ව්‍යවසායකයා නිසා ආර්ථියකට ඇති විය හැකි වාසි අවබෝධ කර ගනිමු.

    • නිෂ්පාදිතයේ අවධානම් දැරීම ව්‍යවසායකයා විසින් සිදු කරන නිසා ආර්ථික භාණ්ඩ හා සේවා නිෂ්පාදන කිරීමට මඟ පෑදිමක් සිදු කිරීම.
    • නව්‍යතා නිසා නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් සිදු  වේ.මෙලෙසින් නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හා නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරනුයේ ව්‍යවසායකත්වය මඟිනි.

    ව්‍යවසායකත්වය හා කළමණාකාරිත්වය

    නිෂ්පාදන ක්‍රියාවලියක සමස්ථ කාර්යක්ෂවතාවය නැංවීමට හැකි වන ආකාරයෙන් සම්පත් උපයෝජනය කිරීම, (භාවිතා කිරීම) සහ මෙහෙය වීම කළමණාකරණය ලෙස සැළකේ.ව්‍යවසායකත්වය යනු භාණ්ඩයක් නිපදවීම පිළිබඳව තීරණය ගැනීමත් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමත් ඒවා මෙහෙය වීමත් ව්‍යවසායකත්වය වේ.

     

    ව්‍යවසායකයා සහ කළසණාකරු අතර වෙනසක් පවතී.ව්‍යවසායකයා යනු සමස්ථ ව්‍යාපාරය පිළිබඳව වගකීම් දරන්නාය/(අවධානම් දරන්නාය).සමස්ථ වයාපාර අරභයා තීරණය ගනු ලබන්නේ මොහු විසිනි.කළමණාකරු යනු ව්‍යාවාරය තුළ තීරණය ගනු ලබන්නාය.ශ්‍රමය හැසිරවීම, මූල්‍ය කළමණාකරනය, භාණ්ඩ ප්‍රමිතිය, බෙදා හැරීම, ඔහුගේ වගකීම් වේ. කළමණාකරු වැටුප්  ලබයි. ව්‍යවසායකයා ලාභ ලබයි.

     

    ඒ අනුව ව්‍යවසායකත්වය සහ කළසණාකරණය යනු එකිනෙක සමාන අර්ථයෙන් භාවිතා නොවන්නකි. සරලව ප්‍රකාශ කළ හොත් සමස්ථ නිෂ්පාදනයේ හිමිකරුවන් ව්‍යවසායකයන් ලෙස සැළකෙන අතර ඔවුන් යනුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙය වනිනේ කළමණාකරැවන් ලෙස සැලකේ.

    ව්‍යවසායකත්වයේ ලක්ෂණ:-

    • මානව  සාධකයක් වීම.
    • ව්‍යාපාරය ආරම්භක ශක්තිය වීම.
    • ව්‍යවසායකයා සතුව අභියෝග වලට මුහුණ දීමේ හැකියාවක් ඇත.
    • ව්‍යවසායකයාී සතුව නායකත්ව ගුණාංග පවතී.
    • ව්‍යවසායකයා සතුව ආත්ම විශ්වාසයක් ඇත.

    (මේ ඉතින් තාක්ෂණවේදයට අදාළ ටිකද කියන්න නම් දන්නෑ....  :D මෙන්න මෙතන තිබ්බෙ ඔය ටික - http://al-economics.blogspot.com/p/blog-page.html )

Answers

Sign In or Register to comment.