Redox Reaction ගැටලුවක්

edited January 2016 in Advanced Level

redox prathikriya vala,

          amlika madyaye prathikriya thulanaya ha bashmika madyaye prathikriya thulanaya ta

adala theory tika kiyala dennako danna kenek

8->plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer

    ආම්ලික මාධ්‍යයේ නම් H+ ද භාෂ්මික මාධ්‍යයේ නම් OH- ද එකතු කළ යුතුයි.

    උදා:-

    Cu+ හා 50% HNO3 අම්ලය ප්‍රතික්‍රියා කර එක් ඵලයක් ලෙස NO ලබා දේ.

    Cu + HNO3 —→ Cu(NO3)2 + NO + H2O

    Cu —→ Cu2+ + 2e ——① ඔ'කරණය

    NO3- —→ NO + 2H2O

    පළමුව O තුලිත කිරීමට වම් පසට ජල අණු එකතු කරනු ලැබේ. ඉන්පසු H තුලිත කිරීමට දකුණු පසට H+ එකතු කරනු ලැබේ.

    4H+ + NO3- —→ NO + 2H2O

    ඉන්පසු ආරෝපණ තුලිත කිරීමට ඉලෙක්ට්‍රෝන එකතු කරනු ලැබේ.

    4H+ + NO3- + 3e —→ NO + 2H2O ——②

    ඉන්පසු සමීකරණ දෙකේ ඉලෙක්ට්‍රෝන සමාන කර එකතු කරනු ලැබේ. මේ සඳහා

    ①x3   3Cu —→ 3Cu2+ + 6e ——③

    ②x2  8H+ + 2NO3- + 6e —→ 2NO + 4H2O ——④

    ③+④  3Cu + 8H+ + 2NO3- —→ 3Cu2+ + 2NO + 4H2O

              3Cu + 8HNO3 —→ 3Cu(NO3)2 + 4H2O + 2NO

    භාෂ්මික මාධ්‍යයේත් ඒ විදිහමයි. H+ වෙනුවට OH- දානවා.

Answers

Sign In or Register to comment.