madhurasri

About

Username
madhurasri
Joined
Visits
2,489
Last Active
Roles
Administrator
Points
6
Badges
0
  • උසස් පෙළ networking වලින් එන ගණන් හා ඒවා විසදන හැටි ගැන කියල දෙනවද?

    @Eranda_Dhanushka, @Vidyani_3
    මොන වගේ ඒවද ඔයාලට අවුල් කියලා කියන්න බලන්න... :-B try එකක් දෙන්න.. :)
    Subnet (උපජාල) සම්බන්ධ ඒවද ?
  • ජිවිතය ජයගන්න ඇල්ෆා කිරණ මට්ටමින් පාඩම් කරමු

    ගොඩක් හොඳයි මලයා... \m/ ඒක තමා වෙන්න ඕනෙ. නොදන්න දේවල් අහගන්න ගමන් දන්න දේවලුත් බෙදාගන්න :-bd
  • හොද IT සර් කෙනක් දන්නවද A/Lවලට

    සඳමල් විදානගමගේ සර්ගෙ හොඳයි කියලා අහලා තියෙනවා. මම ගිහින් නම් නෑ. මගෙ යාළුවො කට්ටියක් ගියා. :)

    Biology එක්ක ICT කරන එක ගොඩක් අවාසියි මම දන්න තරමින්. :-?
    හොයලා බැලුවේ නැද්ද ඒ ගැන මුලින් ?
    බලන්න මේ discussion එක - http://www.panthiya.com/discussion/103/
  • මොකක්ද මේ පංතිය.com ?

    පංතිය.com කියන්නේ පාසල් යන ළමුන් වෙනුවෙන් නිර්මාණය කරපු වෙබ් අඩවියක්. ඔයාලට අධ්‍යාපන කටයුතු වලදී ඇති වෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පංතිය.com යොදා ගන්න පුළුවන්. :)>-

    ඔයාට මොකක් හරි විෂයක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ ගැන මේ පංතිය.com එකේ දාන්න. ඊට පස්සේ ඒ ඔයාගේ ගැටලුව තවත් කවුරු හරි කෙනෙක් දැකලා ඔයාට ඒ දේ කියලා දේවි.

    ඒ වගේම ඔයාටත් කරන්න දෙයක් තියෙනවා. L-) හැමෝගෙම ගැටලු, සාකච්ඡාවන් මේ Discussions කියන පි‍ටුවේ තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලත් ඒ පි‍ටුවේ තියෙන ගැටලු බලලා අනිත් අයට දන්න විදිහට උදව් කරන්න ඕනේ. :)

    ඒ විදිහට කරද්දී හැමෝගෙම ප්‍රශ්න විස‍ඳෙනවා. ඔයා දන්නේ නැති දේවල් අනිත් අයගෙන් අහගන්න. ඔයා දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න. ඒ වගේම තවත් කට්ටියක් කාතා කරපු දෙයක් බලලත් ඔයාට යමක් ඉගෙනගන්න පුළුවන්.

    පංතිය.com එකට එන්න computer එකක්ම ඕනෙත් නෑ. Internet පහසුකම් තියෙන ඕනෙම Mobile Phone එකකින් වුණත් පංතිය.com එකට එන්න පුළුවන්. :D 

    සිංහල සහය නැති Mobile Phones වෙනුවෙන් Android App එකකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙන් ඔයාලට පංතිය.com එකට එන එක තවත් ලේසි වෙයි. මෙතනින් ඒක ගන්න පුළුවන් ඔයාලට... http://goo.gl/sOoUl3

    එහෙනම් හැමෝටම සුබ අනාගතයක්! :-bd