මේ වගේ ඔක්සිකරන අංක වෙනස් වෙන විධියවල් බලා ගන්නේ , දැන ගන්නේ කොහමද ??

edited June 2014 in Advanced Level
Fe2O3 + Cl2 ---> 2Fe + 3Co

මේකේ Feවල ඔක්සිකරන අංකය +3 , ප්‍රතික්‍රියාවේන් පසු ඔක්සිකරන අංකය 0 වෙන්නේ කොහමද ??

මේ වගේ ඔක්සිකරන අංක වෙනස් වෙන විධියවල් බලා ගන්නේ , දැන ගන්නේ කොහමද ??



Tagged:

Best Answers

  • edited February 2014 Accepted Answer
    kauda ban owa danne :D
  • edited February 2014 Accepted Answer
    නිදහස් මූලද්‍රව්ය ලෙස තියනවනම් oxi අන්කය 0 යි ඒක හෑම මූලද්‍රව්යකටම අදාලයි 
  • edited November -1 Accepted Answer
    ඔක්සිකරනය ගැන theory දැනගෙන සමීකරණ තුලනය කරන්න ගොඩක්. එතකොට ඒවා අව්ලක් නැ
  • edited November -1 Accepted Answer
    අහල තියන ප්‍රතික්‍රියාවනම් සාමාන්‍යයෙන් වෙන්න බැරි එකක්.
    :-h
  • edited November -1 Accepted Answer
    ඔය ප්‍රතික්‍රියාව හරිද ගත්තු තෙනින් චෙක් කරල බලන්න  :-?
  • edited November -1 Accepted Answer
    ඵල වල cl  තියෙන්න ඔනි නේද?
  • edited February 2014 Accepted Answer
    මේක යකඩ නිස්සාරණයේ ප්‍රතික්‍රියාවක්.

    @yasas කියපු දේ හරි. සමීකරණය වැරදියි. :) Fe2O3 ,යකඩ ලබා දෙන්නෙ CO වායුව සමඟ ප්‍රතික්‍රියා කිරීමෙනුයි. ඒ නිසා පහත ආකාරයට සමීකරණය සකස් විය යුතුයි.

    Fe2O3(s) + 3CO(g) → 2Fe(s) + 3CO2(g)

    එක් සංයෝගයක් ඔ'කරණය වන විට අනෙක ඔ'හරණයක් විය යුතුයි.
    ඔ'හරණයේදී ඔ'කරණ අංකය අඩුවේ.
    ඔ'කරණයේදී ඔ'කරණ අංකය වැඩිවේ.
  • edited November -1 Accepted Answer
    ඔව්... හැම තැනටම අදාළයි. :)>-
  • edited November -1 Accepted Answer

    එක් සංයෝගයක් ඔ'කරණය වන විට අනෙක ඔ'හරණයක් විය යුතුයි.
    ඔ'හරණයේදී ඔ'කරණ අංකය අඩුවේ.
    ඔ'කරණයේදී ඔ'කරණ අංකය වැඩිවේ.
    ඔ'කරණය වන සංයෝගය ඔක්සිහාරකය වේ.
    ඔ'හරණය වන සංයෝගය ඔක්සිකාරකය වේ.
  • edited February 2014 Accepted Answer
    දී ඇති සමීකරණය අනුව ප්‍රතික්‍රයක වල අදාල මූලද්‍රව්‍යයේ හෝ අයනයේ ඔ'කරණ අංකය සහ ඵලයේ ඔ'කරණ අංකය සොයා දැන සිටිය යුතුයි.

    eg:-  Mno4- → Mn2+

    Mn වල ඔ'කරණ අංකය +7
    Mn2+ අයනයේ ඔ'කරණ අංකය +2

    මෙය ඔ'හරණයකි. KMno4 ඔ'කාරකයකි.

    ඔ'කරණ අංක සෙවීම ගැන තව දුරටත් බලාගන්න.
  • edited November -1 Accepted Answer
    :-?
  • edited March 2014 Accepted Answer
    O2, O3, O22-, O2- සහ F සමඟ සම්භන්ද නොවුණු වෙලාවට O ගෙ ඔ'කරණ අංකය -2 යි කියල අරගෙන හැදුවනම් ලේසියි.
    O2, O3, O22-, O2- වල ඔ'කරණ අංක 0,0,-1,-1/2 පිළිවෙලට. F සංයෝගයක තියනකොට F ගෙ ඔ'කරණ අංකය -1යි. (F2 වලදි ඇරෙන්න)
  • edited November -1 Accepted Answer
    H වල +1
    O2 වල -2 කියලා අරගෙන N වල ඔ'කරණ අංකය සොයන්න පුළුවන්.

    HNO3 = 0
    +1+x+(-2)*3 = 0
    +1+x-6 = 0
    x = +6-1
    =+5

Answers

  • edited November -1
    Ehama kiyanne nathuwa , Meka Hoya ganna vidiyak kiyapan.
  • edited February 2014
    isuruchathurangaNipuna_AyeshanyasasNipuna_AyeshanChandrika - ආ , සමිකරනයේ පොඩි අවුලක් තියේනව නම් තමයි. :D

    හරි , උදව් කරපු සියලුම දෙනාටම ගොඩාක් ස්තුතියි !! :D

    Chandrika - මේ විධියට අඩු වෙනව , වැඩි වෙනව කියන එක හැම තැනටම ආදාලද ??
  • edited November -1
    isuruchathurangaNipuna_AyeshanyasasNipuna_AyeshanChandrika - මට ඕන ඔක්සිකරණ අංක මගින් , ප්‍රතික්‍රියාවට අදාල ඔක්සිකාරය හා ඔක්සිහාරකය හොයා ගන්නයි.

    ඉතින් , මම ඒක කොහමද කරන්නේ ??
  • edited November -1
    Chandrika - හරි , ඒත් මට ඕන ඔක්සිකරණ අංක දුන්නේ නැතිව තියේද්දි , අපිම තනියේන් ඒ ඒ ඒවට අදාල
    ඔක්සිකරණ අංක ගැන තිරණය කරල , ඊට පස්සේ ඔක්සිකරණ අංක මගින් , ප්‍රතික්‍රියාවට අදාල ඔ'කරණය , ඔ'හරණය , ඔක්සිකාරය හා ඔක්සිහාරකය හොයා ගන්නයි.

    මේ ගැනයි මම ඇහුවේ.
  • edited November -1
    yasasChandrika - එතකොට HNO3 , NO2 වගේ ඒවායේ ඔක්සිකරණ අංක හොයා ගන්නේ කොහමද ??
  • edited November -1
    සුපිරි සහෝලා !! :D

    හරි හරි , මට මේ ප්‍රශ්නේදි උදව් කරපු සියලුම දෙනාටම බොහෝමත්ම ස්තුතියි සහෝලා !! :D
  • edited November -1
    :)>-
Sign In or Register to comment.