(ජපන් පාඩම - 4) - උපකාරක පද

edited June 2014 in Other
අප්‍රාණවාචි නාම පද සදහා යොදා ගනු ලබන උපකාරක පද
  1. Kore – これ- මේක
  2. Sore –それ-ඕක /ඒක
  3. Are –あれ-අරක
  4. Dore –どれ-කෝකද?
උදා:

1.මේක පොතක්.
Kore wa hon desu.
これ は ほん です。
2.ඕක මොකක්ද?
Sore wa nan desuka?
それ は なん ですか?
3.අරක පාසලක්ද?
Are wa gakkō desuka?
あれ は がっこう ですか?
4.පැන්සල කොයි එකද?
Enpitsu wa dore desuka?
えんぴつ は どれ ですか?
  • ‘කුමක්ද?,මොකක්ද?’යනුවෙන් ප්‍රකාශ කිරීමට ‘nan desuka?’ (නන් දෙස්ක?) යන්න භාවිතා කෙරේ.
මේ වීඩියෝ එකත් බලන්න

ස්ථාන සදහා යොදා ගනු ලබන උපකාරක පද
  1. Koko –ここ - මෙතැන
  2. Soko –そこ - ඔතැන/එතැන
  3. Asoko –あそこ - අතැන
  4. Doko –どこ - කොතැනද?
උදා:

1.මෙතැන පුස්තකාලයයි.
Koko wa toshokan desu.
ここ は としょかん です。
2.උද්‍යානය එතැන.
Kōen wa soko desu.
こうえん は そこ です。
3.පංතිය අතන.
Kurasu wa asoko desu.
クラス は あそこ です。
4.දුම්රියපොළ කොතැනද?
Eki wa doko desuka?
えき は どこ ですか?

දිශා සම්බන්ධයෙන් යෙදෙන උපකාරක පද
  1. Kochira – こちら - මේ පැත්ත  
  2. Sochira –そちら - ඔය පැත්ත/ඒ පැත්ත  
  3. Achira –あちら - අර පැත්ත 
  4. Dochira –どちら - කොයි පැත්තතද?
උදා:

1.උතුරු දිශාව මේ පැත්තයි.
Kita wa kochira desu.
きた は こちら です。
2.ඔය පැත්ත බස්නාහිරයි.
Sochira wa nishi desu.
そちら は にし です。
3.අර පැත්ත කොයි පැත්තද?
Achira wa dochira desuka?
あちら は どちら ですか?
4.දකුණු දිශාව කොයි පැත්තද?
Minami wa dochira desuka?
みなみ は どちら ですか?
  • වාචික ව්‍යවහාරයෙදී ඉහත සදහන් කළ දිශා සම්බන්ධ උපකාරක පද වෙනුවට kochchi, sochchi, achchi, dochchi (こっち、そっち、あっち、どっち) ලෙස භාවිතා කරන අවස්ථාද තිබේ.
උපකාරක නාම විශේෂණ පද
  1. Kono –この - මේ
  2. Sono –その - ඔය/ඒ
  3. Ano –あの - අර
  4. Dono –どの - කොයි?
උදා:

1.මේ ළමයා.
Kono kodomo.
この こども。
2.ඔය පොත.
Sono hon.
その ほん。
3.අර පාසල.
Ano gakkō.
あの がっこう。
4.කොයි පෑනද?
Dono pen desuka?
どの ペン ですか?
  • උපකාරක නාම විශේෂණ පද තනිව භාවිතා කළ නොහැක. ඒවා නිතරම නාම පදයක් සමග බැදී පවතී. 
කවුද?

වාක්‍යයක ‘කවුද?’ ලෙස ඇසීම සදහා යොදා ගනු ලබන පදය අදාළ පුද්ගලයා අනුව වෙනස් වේ. එනම් ,

තමාට වඩා තත්ත්වයෙන්  ඉතා උසස් කෙනෙකු ( වයසින්/රැකියාවේ තනතුර අනුව/සමාජ තත්ත්වය ආදිය අනුව) ගැන කථා කිරීමේදී dochirasama desuka?/どちらさま ですか?ලෙසත්, ඊට පහළ මට්ටමේ කෙනෙකුට donate desuka?/どなた ですか?ලෙසත්, තමා හා සම මට්ටමේ කෙනෙකුට dare desuka?/だれ ですか?නැතහොත්, dono kata desuka?/どの かた ですか? ලෙසත්, තමාට වඩා තත්ත්වයෙන් පහළ කෙනෙකු සදහා dono hito desuka?/どの ひと ですか? ලෙසත් භාවිතා කෙරේ.

1.Dochirasama desuka?
2.Donata desuka?
3.Dono kata/dare desuka?
4.Dono hito deska?

අලුත් වචන
  1. පොත - hon – ほん (හොන්)
  2. පාසල - gakkō – がっこう (ගක්කෝ)
  3. පැන්සල - enpitsu – えんぴつ (එන්පිත්සු)
  4. පුස්තකාලය - toshokan – としょかん (තොෂෝකන්)
  5. උද්‍යානය - kōen – こうえん (කෝඑන්)
  6. පංතිය - kurasu – クラス (කුරසු)
  7. දුම්රියපොළ - eki – えき (එකි)
  8. නැගෙනහිර - higashi – ひがし (හිගෂි)
  9. බස්නාහිර - nishi – にし (නිෂි)
  10. උතුර - kita – きた (කීත)
  11. දකුණ - minami – みなみ (මිනමි)
  12. ළමයා - kodomo – こども (කොදොමො)
  13. පෑන - pen – ペン (පෙන්) 

Comments

Sign In or Register to comment.