(ජපන් පාඩම - 7) - Imasu/Arimasu - います/あります

edited November -1 in Other
යම්කිසි නාම පදයක් වර්තමානකාල ඇතාර්ථයෙන් පවතින බව ප්‍රකාශ කිරීමට මෙම පද යොදා ගැනේ. මෙහිදී ප්‍රාණවාචි නාම පදයක් නම් imasu ද අප්‍රාණවාචි නාම පදයක් නම් arimasu ද භාවිතා වේ.

imasu-ඉන්නවා

arimasu-තියෙනවා

imasu/arimasu සමග යෙදෙන ප්‍රධාන නිපාතය ‘ග’(が) වේ.

Noun + ga + imasu/arimasu

උදා:
1.ළමයෙක් ඉන්නවා.
こども が います。
කොදොමො ග ඉමස්.

2.මේසයක් තිබෙනවා.
テーブル  が あります。
තේබුරු ග අරිමස්.

3.ගහක් තියෙනවද?
き が ありますか?
කි ග අරිමස්ක?

4.පරිගණකයක් තියෙනවා.
パソコン が あります。
පසොකොන් ග අරිමස්.

5.පුසෙක් ඉන්නවද?
ねこ が いますか?
නෙකො ග ඉමස්.

සාමාන්‍යයෙන්, නාම පදයක් ‘ඉන්නවා’ හෝ ‘තියෙනවා’ ලෙස ප්‍රකාශ කිරීමේදී එය පවතින ස්ථානය හෝ අදාළ පුද්ගලයා සිටින ස්ථානය ප්‍රකාශ කිරීම සුදුසු වේ. එවිට ස්ථානය මුලින් යෙදේ නම් පහත ආකෘතිය භාවිතා වේ.

Place + ni + Noun + ga + imasu / arimasu

උදා:
1.පාසලේ සිසුන් සිටී.
がっこう に がくせい が います。
ගක්කෝ නි ගකුසෙයි ග ඉමස්.

2.පංතියේ පුටු තිබෙනවාද?
クラス に いす が ありますか?
කුරසු නි ඉසු ග අරිමස්ක?

3.උද්‍යානයේ මල් තිබේ.
こうえん に はな が あります。
කෝඑන් නි හන ග අරිමස්.

4.ගහ උඩ කුරුල්ලෙක් ඉන්නවා.
き の うえ に とり が います。
කි නො උඑ නි තොරි ග ඉමස්.

5.පාසල තුල අපේ ගුරුතුමා සිටිනවා.
がっこう の なか に わたしたち の せんせい が います。
ගක්කෝ නො නක නි වතශිතචි නො සෙන්සෙයි ග ඉමස්.

6.එතැන මගේ යාලුවෝ ඉන්නවා.
そこ に わたし の ともだち が います。
සොකො නි වතෂි නො තොමොදචි ග ඉමස්.

මෙයට අමතරව නාම පදය මුලින් ප්‍රකාශ කර ස්ථානය පසුව ප්‍රකාශ කිරීමට ද හැකිය. ඒ සදහා පහත ආකෘතිය භාවිතා කළ හැකිය.

Noun + wa + place + ni + imasu/arimasu

උදා:
1.මගේ යාලුවා පංතිය තුල ඉන්නවා.
わたし の ともだち は クラス の なか に います。
වතෂි නො තොමොදචි ව කුරසු නො නක නි ඉමස්.

2.මගේ බැග් එක අතන තියෙනවද?
わたし の かばん は あそこ に ありますか?
වතෂි නො කබන් ව අසොකො නි අරිමස්ක?

3.ඔබේ පොත කොතැනද තියෙන්නේ?
あなた の ほん は どこ ですか?
අනත නො හොන් ව දොකො නි අරිමස්ක?

4.සත්තු වත්ත කොළඹ තියෙනවා.
どうぶつえん は コロンボ に あります。
දෝබුත්සුඑන්  ව කොරොන්බො නි අරිමස්.

5.කාර් එක මෙතන තියෙනවා.
くるま は ここ に あります。
කුරුම ව කොකො නි අරිමස්.

6.එහි ළමයි සිටිනවාද?
そこ に こども は いますか?
සොකො නි කොදොමො ව ඉමස්ක?

අලුත් වචන
  1. とり - තොරි - කුරුල්ලා
  2. どうぶつえん - දෝබුත්සුඑන් - සත්තු වත්ත
  3. コロンボ - කොරොන්බො - කොළඹ
  4. くるま - කුරුම - කාර් එක

Comments

Sign In or Register to comment.