විද්‍යුත් විච්ඡෙදනය අවුලක්
                    මට කවුරු හරි පැහිදිලි කරන්නකෝ අල්පාම්ලිත  ජලයේ විද්‍යුත් විච්ඡේදනයයි,සොඩියම් ක්ලොරයිඩ් එකයි වෙන හැටි ගොඩක් ම පැහිදිලි කරන්න පුලුවන්නම් ඔවයි ධන ඍන ඇනෝඩ කැතෝඩ මාරු වෙන හැටි පුලුවන්නම් වැඩියෙන් පැහැදිලි කරන්නකෝ  
                
                             
                Best Answer
- 
            අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනයේදී කාබන් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන විටබැටරියේ සෘණ අග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය අසලින් H2 පිටවේ. 
 එහිදී සිදුවන ප්‍රතික්‍රියාව2H(aq)+ + 2e → H2(g) ඉලෙක්ට්‍රෝන ලබාගැනීම ඔක්සිහරණයයි. ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය විද්‍යුත් විච්ඡේදනයේදී කතෝඩයයි. 
 බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය අසලින් ඔක්සිජන් වායුව මුක්ත වේ.4OH-(aq) → O2 + 2H2O(e) + 4e ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණයයි. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. බල්බය දැල්වීමෙන් විද්‍යුත් විච්ඡේද්‍ය තුළින් ධාරාවක් ගමන් ගන්නා බව පැහැදිලි වේ. NaCl ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කැතෝඩයේදී ඔක්සිහරණය සිදුවේ. 2H+(aq) + 2e → H2(g) ඇනෝඩයේදී ඔක්සිකරණය වේ. 2Cl-(aq) → Cl2(g) + 2e 
 
                             
                            

Answers
Ane oka english walin kiyannako
වචන clear නැත්නම් අහන්න. :-bd