රේඛීය සාධක කියන්නෙ මොනවද ඇත්තටම ?

edited October 2019 in Advanced Level
"රේඛීය සාධක" කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ? රේඛීය සාධක විතරක් නෙමෙයි තව තව තැන් වලදිත් ඔය "රේඛීය" කියන වචනේ පාවිච්චි වෙනවා නේද? මොකක්ද ඕකෙන් කියන්නෙ ඇත්තටම? :-/
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    මෙහෙමයි දැන් ඔය හිතන්නකෝ 2x2 + λx +5 කියල එකක් තියනවා කියල.. ඒකෙ සාදක කඩනවා කියල එකක් කරනව නේද? අන්න එහෙම x වල මාත්‍රය ඒ කියන්නේ x වල බලය 1 වෙන විදියට සාදක කඩන එකට තමා කියන්නේ රේකීය සාධක කඩනවා කියල. රෙකීය සාධකයක් කියන්නේ x වල බලය එහෙම නැත්නම් මාත්‍රය 1 වෙච්ච පද වලට උදාහරණයක් ගත්තොත් (x+1) කියන්නේ රෙකීය සාධකයක්.. මේ ගානේ කියන්නේ ඒ වගේ රෙකීය සාදක වලට උඩ සමීකරණය ගන්ඩ පුළුවන් වෙන විදියට λ ගේ අගය සොයන්න කියල.. ඒ කියන්නේ උද එකට අනුවනම් x සහ ය දෙකේම මාත්‍රය ඒ කියන්නේ බලය 1 වෙන විදියට සාදක කඩන්න කියල.. 2x2 + λxy + 3y2 - 5y - 2=(ax+by+c)(px+qy+r) කියල අරගෙන ඔකේ a,b,c,p,q,r හොයන්න.. එතකොට රෙකීය සාධක වලට ඇවිත්නේ? එතකොට x සහ y වල මාත්‍රය ඒ කියන්නේ බලය 1 වෙලානේ.. තේරුනාද? 

Answers

  • edited November -1
    රෙකීය සාධක කියන්නේ නෙනම් x වල මාත්‍රය 1 වෙච්ච සාධක මචන් ඒ කියන්නේ (x-1) (x+3) වගේ ඒවා සහෝ.....
  • edited November -1
    @T_Lakshan ඒ.. කිව්වේ...? තේරුණේ නෑනෙ අනේ... :-?? මෙන්න මේ ගානෙ මොකක්ද කරන්න කියන්නෙ කියලා පැහැදිලි කරලා දෙන්නකො පුළුවන් නම්...

    f(x,y) = 2x2 + λxy + 3y2 - 5y - 2 ප්‍රකාශනය රේඛීය සාධක දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි වීම සඳහා λ හි අගයයන් සොයන්න.

    2000 paper එකේ පළවෙනි ගානෙ (ආ) කොටස ඔය.
  • edited November -1
    @T_Lakshan හරි හරි. ඇති යා...න්තම් තේරුණා ! \:D/ දැන් හදන්න ඕනෙ එහෙනම් ඒ ගාන බලන්න.
    ගොඩක් තැන්කූ ඈ... ගාන හදාගෙන යද්දි එහෙම අවුලක් ආවොත් ආයෙ අහන්නම්කො. :)]
  • edited November -1
    එල... ඕනේ වෙලාවක පුළුවන් දෙයක් නම් බෙදාගන්න කමතියි... :-D
  • edited November -1
    අනිවා මචා... ඒම තමා ඉන්න ඕනෙ.. \m/
Sign In or Register to comment.